Sunday, November 27, 2016

වසර 2කට පසු ශ‍්‍රී ලංකාවට එක්දින ක‍්‍රිකට් තරගාවලි ජයක්


තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක ජයක් හිමිකරගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (27) සමත් වුණා.


බුලවායෝ හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 36යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 160ක් පමණයි.

පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ සහ අසේල ගුණරත්න කඩුලු 3 බැගින් දවා ගත්තා. අනතුරුව ලකුණු 161ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය වාර්තා කළේ පන්දුවාර 37ක් අවසානයේ කඩුලු 4ක් පමණක් කුසල් මෙන්ඩිස් ලකුණු 57ක් හා නායක උපුල් තරංග ලකුණු 52ක් රැස්කළා.

ශ්‍රී ලංකාව එක්දින තරගාවලි ජයක් ලැබුවේ වසර දෙකකට පසුව වීමද විශේෂත්වයක්