Sunday, December 25, 2016

තවත් ගුවන් යානයක් අතුරුදහන් වෙයි

අතුරුදහන් වූ රුසියානු ගුවන් යානය කළු මුහුදට කඩා වැටී ඇති බව රුසියානු පුවත් සේවා වාර්තා කරනවා.

මෙම යානයේ පුද්ගලයින් 91 දෙනෙකු රැගෙන ගුවන් ගත වුනේ අද (25) පෙරවරුවේයි.

Saturday, December 24, 2016

ජයසූරිය ප්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුව ගෙදර යන්න සැරසෙයි

සනත් ජයසූරිය ප‍්‍රමුඛ ක‍්‍රිකට් තේරීම් කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් ඔවුන් අපහසුතාවට පත්ව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

Sunday, November 27, 2016

වසර 2කට පසු ශ‍්‍රී ලංකාවට එක්දින ක‍්‍රිකට් තරගාවලි ජයක්


තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක ජයක් හිමිකරගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (27) සමත් වුණා.

යුද හමුදා කඳවුරක් ඉදිරිපිට මහවිරු සැමරුමක්


යාපනය කෝපායි ප‍්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක් ඉදිරිපිට මාර්ගයේ අද (27) මහවිරු සැමරුමක් සිදුකෙරුණා.

ඒ, දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ෂිවාජිලිංගම්ගේ ප‍්‍රධානත්වයෙන්. එහිදී මන්ත‍්‍රීවරයා පැවසුවේ මහවිරු සතියේ අවසන් දින සැමරුම එය වන බවයි.

ඩුබායි නගරයට දිය යට ටෙනිස් පිටියක්

ඩුබායි නගරය කියන්නේ සෑමවිටම පුවත් මවනා නගරයක්. එයට හේතුව වන්නේ එම නගර වැසියන් සතු ඉතා විශාල මුදල් කන්දරාවයි. මිනිසා විසින් නිපදවන ලද අරුම පුදුම ස්ථාන රැසක් මේ නිසා ඩුබායි හි දක්නට ලැබෙනවා. දිය යට ටෙනිස් ක්‍රීඩා පිටිය තාම ඉදිවෙලා නම් නෑ.

Thursday, March 17, 2016

Tuesday, March 1, 2016

Thursday, February 25, 2016