Sunday, December 25, 2016

තවත් ගුවන් යානයක් අතුරුදහන් වෙයි

අතුරුදහන් වූ රුසියානු ගුවන් යානය කළු මුහුදට කඩා වැටී ඇති බව රුසියානු පුවත් සේවා වාර්තා කරනවා.

මෙම යානයේ පුද්ගලයින් 91 දෙනෙකු රැගෙන ගුවන් ගත වුනේ අද (25) පෙරවරුවේයි.


ගුවන් යානය ගුවන් ගත වී විනාඩි 20 කට පමණ පසුව එය රේඩාර් තිරයෙන් ඉවත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.

රුසියානු යුද හමුදා ගීතිකා කණ්ඩායමක් සහ මාධ්‍ය වාර්තාකරුවන් කණ්ඩායමක් මෙම TU – 154 දරණ ගුවන් යානයේ ගමන් කර තිබෙනවා. ඒ සිරියාවේ ලටකියා ප්‍රදේශයට බවයි විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දී ඇත්තේ මෙම කණ්ඩායම නව අවුරුද්ද සඳහා විශේෂ වැඩසටහනකට එක් වීමේ අරමුණින් පියාසර කළ බවයි.